Mystery

ප්‍රේමයක වියරුව

ප්‍රේමයක වියරුව ~~~

 

”  ඔය තේ එකවත් බොන්න දැන් උදේ ඉදන් වතුර එකක් නෑනේ ” 

 

                       එක දිගට මවගෙන් ඇසෙන හඬ පවා හිසරදයක් සේ දැනෙන්නට විය. ඇඳට වී තවමත් කල්පනා කරන්නට උනේ දුලනි කර ගත් අපරාධය ගැනයි.

 

ළමයෝ….ඔහොම ඉඳලා හරියනවද…මෙන්න මෙහෙට ඇවිත් කන්න මොනවා හරි….තරමක් සැර උන පියාගේ හඬ නිසාම මිනු හිස ඔසවමින්.

 

මට තාම මැවිලා පේනවා අප්පච්චි දුලනි හිටපු විදිය…හරියට මම දිහා බලන් හිටියා වගේ ඇස් දෙකත් ඇරන්….

 

විකාර හිතන්න එපා දරුවෝ…ඒ කෙල්ල ගෙනාපු ආයුෂ ඒ. මෙන්න මෙහේ එන්න…..පියා අවවාද කර කාමරයෙන් පිටව යන්නට විය.

 

               ඇය සිය දිවි හානි කර ගන්නට තරම් ඉක්මන් වේවියැ යි මිනු කිසි විටක නොසිතන්නට ඇත.  සිය නිවස තුල ඇය ගෙල සිර කර ගන්නට පෙර මිනු  හට ඇමතුමක් ගත්තේ ඇගේ නිවසට පැමිණෙන ලෙස දන්වමිනි. එහෙත් එහි යන විට ඇය සාලය තුල එල්ලෙමින් දුටු මිනු සිහිසුන්ව ඇද වැටුනේ අදහා ගත නොහැකි වූ නිසාවෙනි. අසල් වැසියන් පැමින මිනු යථා තත්වයට ගත්තත් තවමත් ඇය සිතේ කම්පනය නම් පහව ගොස් නොමැති වග පෙනෙන්නට විය.

 

                                      මිනු සහ දුලනි සම වයස් වල තරුණියන් විය. මිනු වසර පහකට ආසන්න කාලයක් පෙම් කල තරුණයා මිනු රවටමින් තවත් ප්‍රේමයක් පටන් ගෙන තිබුනේ දුලනි සමඟයි. ඒ කිසි දෙයක් නොදත් මිනු මෙන්ම මිනුගේ නිවැසියන් එම තරුණයා හට කැමැත්ත පවා ප්‍රකාශ කල තිබු පසු බිමක දිනක් මිනු හමුවේ දුලනි ප්‍රථම වතාවට පෙනි හිද, තරුණයා ගැන සියල්ල හෙලිකර තිබුණි. 

 

                             එහෙත් එක් වරම එය විශ්වාස කරන්නට නොහැකි වූ නිසාම ඇයව ප්‍රතික්ශේප කල මිනු සිය තරුණියට බැන බැදි පලවා ගත්තත්, පසුව යම් යම් වෙනස් වීම් මත එය පැහැදිලි සැකයකට පෙරලෙන්නට විය. මිනු සිය වසර පහකට ආසන්න සිය පෙම් කතාව අවසන් කළත්, තරුණයා ඊට එකග වන වගක් නොපෙන්වා පසු පස පැමිණියේ දුලනි හට වෙනස්කම් කරමිනි. එහෙත් මිනු ඒ වන විටත් සිය ස්ථාවර තීරණයක සිටියේ සිය නිවැසියන්ටද දන්වමිනි. වරක් දෙවරක් දුලනි හමු වූ මිනු ඇයට පැවසුවේ තමා සහ තරුණයා අතර සියලු සම්බන්ධකම් හමාර කල වගයි. එහෙත් එම කාලකන්නි පෙම්වතාගේ ගොදුරක් වූ දුලනි කුස ඒ වන විටත් මසක දරු ගැබක් තැන්පත් වී හමාර වී තිබුණි. ඒ වග මිනු හට පවසා තිබු නමුත් මිනු ඊට ප්‍රතිචාර දක්වන්නට තරම් මානසික මට්ටමක නොසිටින්නට ඇත.

 

                      එදා උදෑසනම ඇගේ ඇමතුමට නිවසට ගිය නිසාම ඇගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනිම සදහා මිනු හට පෙනි සිටින්නට විය. ඒ සියල්ල හමාර උන තැන මිනුගේ පියා විසින් ඇයව නිවසට කැටුව පැමිණියත් තවමත් ඇය සිත තුල මැවෙන්නට උනේ ඇය සිටි ආකාරයයි.

 

දුවේ……..සිතුවිලි වල සිරව සිටි මිනු එක් වරම ගැස්සී ගියේ මවගේ හඩ සමඟිනි.

 

අම්මේ……..

 

මොකද්ද ඕකේ තේරුම? දැන් හවස් වෙන්නත් ලගයි….තාම උදේ ඇඳගෙන ගිය ඇදුම පිටින්. නැගිටලා වොශ් එකක් දා ගන්න කෝ….

 

මට තාම හිතා ගන්න බෑ අම්මේ….දුලනි කෝල් කලේ අඬ අඬ….ඔක්කොම ඉවර කරන්න ඕන කිව්වා….හිත හදා ගන්න ඕන කිව්වා….එක පාරක් ඇවිත් යන්න කිව්වා….ඒකයි අම්මේ මම ගියේ….මොකද මටත් ඒ ප්‍රශ්නේ හිස රදයක් වෙලා තිබුනේ….

 

ඉතින් පුතේ ඔයා මොනවා කරන්නද….?

 

ඉතින් අම්මේ මම ඕය ප්‍රශ්නේ ලොකු නොකර අරූව අත ඇරියා නම් ඌ සමහර විට දුලනි එක්ක ඉන්න තිබ්බා….

 

ඕවා හිතන්න එපා දැන්……

 

අම්මේ කොහොමද මම අමතක කරන්නේ….මම යනකොට ඒ ළමයා ගැහෙනවා ඇස් ඇරන් දිව එලියට ඇවිල්ලා….මගේ දිහාට අත දික් කරන්න ට්‍රයි කලා…ඒ ඇස් වල තිබ්බේ ” අනේ මාව බේර ගන්න ”  කියන අදහස අම්මේ…. ඒත් මම ගල් වෙලා බලන් හිටියා…ඊට පස්සේ මට මොනවා උනාද මම දන්නෑ….

 

                   එක දිගට මිනු තමාට චෝදනා කර ගන්නට විය. 

 

                 අන්ධකාර රාත්‍රිය පරිසරය සෙමින් වෙලා ගනිමින් ඇත. ඒ අඳුර මැද දුලනිගේ දේහය ඇගේ නිවසට ගෙන ආවේ සියල්ලගේ සෝ සුසුම් මැදයි. මිනු එහි යන්නට කිහිප වරක් උත්සහ කලත් එයට පියාගෙන් අවසර නොලැබුන නිසාම මිනු තවත් අසරණ ව බලා ඉන්නට විය. රාත්‍රි ආහාරය ගත් මිනු යලිත් කාමරයට පැමිනුනේ තවමත් සිතේ චංචල භාවයක් නොමැති නිසාවෙනි.

 

                          කාමරයට පැමිනි මිනු යහන මත හිස තියා ගත්තේ සිතට මෙන්ම ගතටද දැඩි වෙහෙසක් වූ නිසාවෙනි. එහෙත් නින්ද තවමත් ඇය පෙනෙන මානයක නොවු නිසාම ඇය පොතක් කියවන්නට සිතමින් කාමරයේ පහන් දල්වන්නට අඳුරේම නැගිට ගමන් කරන්නට සැරසෙද්දි.

 

අම්මේ……එක් වරම නිහඬ පරිසරය අවදි කල මිනුගේ විලාපය නිවැසියන් කලබල කරන්නට විය.

 

මොකද ළමයෝ මේ….? එක් වරම කාමරයට පැමිණ පියා කාබරයේ පහන් දල්වන්නට විය.

 

               මිනු බිම ඇද වැටි හඬමින් සිවිලිම දෙස නෙත් අයා බලා සිටින්නට විය.

 

දුවේ ඇයි මේ…..එක් වරම ඇගේ මව ඇය අසලට පැමිණ ඇය ලගට ගද්දි…

 

අම්මේ….මො….ක…ක්…..හරි මගේ ඇඟේ වැදුනා …..ඒක හරියට දගලනවා වගේ තිබුනේ….ඒ කකුලක්….. අම්මේ ඔව්…කකුලක්…ඒ පාරක් වැදිලා තමයි මම වැටුනේ……ඇය එක දිගට කියාගෙන යද්දි

 

                  මිනුගේ මව තම ස්වාමියා දෙස බලන්නට විය.

 

මහත්තයා …..කෙල්ල බය වෙලා ඉන්නේ හොදටම….මෙයාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න වෙයි.

 

හ්ම්…දෝනිව ලේස්ති කර ගන්නකෝ…

 

                  මිනු ඒ වන විටත් මානසිකව වැටී ඇති වග ඇගේ මවට හොදින් තේරුම් යන්නට විය. එම නිසාම ඔහුන් ඇයව එදා රාත්‍රියේම රැගෙන ගියේ වෛද්‍යවරයෙකු වෙතයි.

 

                        වෛද්‍යවරයා හමුවට ගිය ඇගේ මව සහා පියා සිදු වූ සියල්ල හෙලි කරන්නට විය.

 

ඔයාලා පොඩ්ඩක් එලියෙන් ඉන්න…මම මෙයා එක්ක කතා කරන්නම්….

 

                          මිනු සිදු වූ සියල්ල සහ ඇගේ සිතේ ඇති සියල්ල පාපොච්චාරණය කරන්නට විය. ඒ අනුව වෛද්‍යවරයා ඇයගේ මානසික මට්ටම ඒකාකාරි මට්ටමට ගෙනෙන්නට උපදෙස් දෙන්නට විය.

 

බය වෙන්න දෙයක් නෑ…මම බෙහෙත් ටිකක් දෙන්නම් ඒක දෙන්න…ළමයා නිදිය ගනි…ඕක ඉක්මනට ඇරිලා යයි…

 

         යම් අස්වැසිල්ලක් ගෙන දුන් ඇගේ මව සහ පියා ඇයව කැටුව නිවසට පිටව එද්දි රාත්‍රී 10 පසුව තිබුනි. 

 

              වෛද්‍යවරයා දුන් උපදෙස් අනුව බෙහෙත් ගත් ඇය නින්දට වැටුනේ ඇගේ මවට සහා පියාට යම් සහනයක් ගෙනෙමිනි. එහෙත් ඒ සහනය කෙතරම් වෙලාවකටද යන්න දැන උන්නේ දෛවය පමනකි.

 

            එක් වරම තිගැසි අවදි උන මිනු අවදානය යොමු උනේ සිය දුරකතනයටයි. එය එක දිගට නාද වන්නට විය.

 

හෙලෝ……පහත් හඩින් මිනු එයට ප්‍රතිචාර දක්වද්දී…

 

            අනිත් පසින් ඇසුන වේදනා බර ඇඩුම් හඩ හදුනා ගන්නට ගත උනේ ඇසිපිය ගසන ඇසිල්ලකි. ඒ ඇසිල්ලට දුරකතනය වීසි කරමින් ඇදෙන් නැගිට ගත් මිනු දෙසවනට වැටුනේ ඇය ජනේලයට ආසන්නව කිසිවෙකු ඒ මේ අත ඇවිද යන හඩයි. ඇය හැකි උපරිමය ගෙන

 

අම්මේ……..අම්මේ……….අප්පච්චි ………කෑ ගසන්නට විය. එහෙත් ඉන් ඵලක් නොවෙන වග ඇයටම තේරුම් යද්දි ඇගේ හඬ පරයමින් නැගුන මහා මූසල සිනහව පරිසරය පුරා පැතිර යද්දි සෙමින් ජනේලය අසලට ලං වෙන්නට සිතමින් අදුරෙන් මිදෙන්නට කාමරය තුල පහන් දල්වන්නට තැත් කලත් එය නිශ්ඵල කාර්‍යක් විය. විදුලිය විසන්ධි වී ඇත. එන්න එන්නම සිනහව යලි හැඬුමකට හැරෙද්දි අදුරේ ජනේලය අසලට ලං උන ඇය එහි පියනක් විවර කරන්නට විය.

 

අම්මා…….ඇය එක් වරම නෙත ගැටුනේ මවගේ චායාවයි. 

 

අම්මේ……අම්මේ….ඇය මවට ගෑ ගසා කතා කලත් නොඇසුන චායාව මිදුල මත වූ අඹ ගස පා මුලට වී පාර දෙස බලා සිටිනු සඳ එලියට යාන්තමට දුටු ඇය  එක් වරම කාමරයෙන් පිටව මිදුලට දිව යන්නට උනේ සද එලිය ආධාරයෙනි.

 

අම්මේ……මොකද මහා රෑ එලියේ කරන්නේ…..අම්මේ……ඇය චායාව දෙසට සෙමින් ලං වෙන විට එක් වර ඇය යලිත් ගල් ගැසෙන්නට විය.

 

          සිය කුස පිරිමදිමින් එක් වරම මිනු දෙසට හැරුනේ දුලනිගේ චායාවයි.

 

දුලනි 😶😲

 

            ඇය හඩමින් සිය කුස දෙස බලා ඇය දෙස බලන්නට උනේ කෝපයෙනි 😡

 

උබලා මාව සෙල්ලමකට ගත්තා නේද……….එක් වරම පරිසරය දෙදරා යන්නට තරම් වියරු හඩ නැගෙද්දි කර කියා ගන්නට නොහැකි ලෙස මිනු අසරණව බියෙන් ගැහෙන්නට විය.

 

                      මිනු එක් වරම නිවස දෙසට දුව ගියේ පිටු පසවත් නොබලමිනි.

 

උබලා ඔක්කොටම වන්දි ගෙවන්න වෙනවා….මේ වේදනාවට….

 

          දුලනි හඩ පරිසරය දෝංකාර දෙන විට ඇය නතර උනේ සිය මවගේ යහන මතයි. ඒ වන විටත් මව සහා පියා සුව නින්දක පෙනෙන්නට තිබු නිසාම මිනු මව අසලම ගුලි වී සිටියේ සිදු වූ කිසි දෙයක් මනසට දරා ගන්නට නොහැකි වූ නිසාවෙනි.

 

දෝනි……..එක් වරම මව ඇය අමතන්නට විය.

 

         කිසිත් කියා ගනු නොහැකිව හඬන්නට උන ඇය සිදු වූ සියල්ල මවට මෙන්ම පියාටද පවසා සිටියේ දරා ගන්නට නොහැකි වූ නිසාවෙනි.

 

ඔයා හීනයක් දැකලා මගේ පුතේ….බය වෙන්න එපා…..පියා ඇය සනසන්නට උත්සහ කරද්දි මව නිවසටම ඇසෙන්නට පිරිත් දමන්නට විය.

 

බය නොවි නිදා ගන්න මගේ දෝනි….දැන් අප්පච්චි අම්මයි දෙන්නම ඉන්නවා නේ ලග……මව ඇගේ හිස පිරිමදින්නට විය. ඒ සෙනෙහස උනුසුම මැද ඇය නින්ද සොයා එන්නට විය.

 

සෙනරත් අයියේ…..සෙනරත් අයියේ……මිනුගේ පියා හට කිසිවෙකු අඬ ගසන හඬ සමග ඔහු නැගිට එලියට පැමිණියේ

 

ආ මේ උපාලි නේ….මොකෝ බං මේ පාන්දරම….තාම එළිවෙලත් නෑනේ……සිය අසල්වැසියා දෙස බලමින් ඔහු අසද්දි

 

මම මේ වැඩට යන්න ගියේ….ආවා නම් පොඩ්ඩක් මිදුලට…….

 

           මිනුගේ පියා කැටුව අසල්වැසියා මිදුලට පැමිණෙද්දි එක් වරම 

 

හත්තලාමේ………..මිනුගේ පියා හිසේ අත ගසා ගන්නට විය.

 

පොලිසියට කියන්න වෙයි අයියේ……..

 

        පෙරදා රාත්‍රියේ සිය දියණිය පැවසු අඹ ගහේ ඉත්තක එල්ලෙමින් ඇති සල්ලාල පෙම්වතාගේ සිරුර ගැන වහා පොලිසිය දැනුවත් කරන්නට විය. 

 

                  මිනු පෙරදා රාත්‍රියේ දුටුවේ දුලනිගේ ආත්මයද…..? සැගව සිටි පෙම්වතා මිනු ජීවත් වූ නිවසට පැමිණ සිය දිවි නසා ගන්නට ඇතිද……? එසේත් නැති නම් දුලනිගේ ආත්මය ඔහුට එසේ කරන්නට පොළඹවන්නට ඇතිද……?  දුලනි ගේ අවසන් හඩ නැගුණේ සියල්ලගෙන්ම පලිගන්නා වගයි. එසේ නම් එය එසේ සිදු උනිද…….

 

                           සියල්ල විද්‍යාව මත තර්කයක් වද්දි මිනු මානසික රෝහලේ ප්‍රතිකාර ගන්නට විය. එපමණක් නොව ඇය සිදුවීමට පසුව ගැබ් ගෙන තිබුනි. ලෝකයටම එය  මිය ගිය පෙම්වතාගෙන් වග පැතිර යද්දි මිනු එය එක හෙලා ප්‍රතික්ෂේප කලත් ඉන් ඵලක් නොවන්නට විය. මන්ද සමාජය ඒ තරම් ප්‍රබල සාධක මවමින් ඇති නිසාවෙනි. පෙම්වතාගෙන් තමාට දරුවෙකු ලැබෙන්නට නොසිටි වග දන්නේ ඇයම පමනකි.

 

             අදටත් ඇගේ කදුලු බර දෙනෙත මානසික රෝහල තුල දකිනට හැක. ඇය දෙස බලන විට තවමත් සුන්දර තරුණියක් ඇය තුලින් දැකිය හැක. එක් පසෙක මිනු යහනට යාබද ඇගේ දියණියගේ තොටිල්ල මත එන කිරි සුවද ඒ සිහිති හඩ දකින ඕනෑම අයෙකු නෙත් හඩවන්නට විය.

 

                වේදනා බර සිදු වීම නම්  මිනු නොපිලිගන්නා ඇය කුසින් බිහිකල සිගිතිය හට කුස ගින්න නිවන්නට තන පුඩු තොල තබන්නේ මිනු අත පය යහන මත බැඳ දමමිනි. ඇය එතරම් දියණිය කෙරේ වෛරයක් ඇත.

 

          සියල්ල දෙස බලා වෛරයේ පිපාසය බුක්ති විදින දුලනි මේ මිහිපිට තවමත් සැරිසරනු නොඅනුමානයි.

 

         මේ රාත්‍රිය මේ මොහොත ඔබේම වේවි…ඔබත් එයට සුදානම් විය යුතුමයි. මේ ඔබේ රාත්‍රියයි

 

             නිමි………සුසාන් මදුශංක 

Avatar

Author

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

Mystery

Unraveling the Enigma: The Mysterious Death of Edgar Allan Poe

As we delve into the life of Edgar Allan Poe, one of America’s most celebrated writers, we can’t help but
Mystery

திகைப்பூட்டும் மர்ம தேசம் – ஸ்ரீ பத்மநாபசுவாமி கோயில்

தன்னகத்தே பல மர்மங்களைக் கொண்டதும் உலகின் செல்வந்தக் கோயில்களின் பட்டியலின் முன்வரிசையில் தனக்கான இடத்தைத் தக்கவைத்துக் கொண்டதுமான ‘ஸ்ரீ பத்மநாபசுவாமி’ கோயில் இந்தியாவின் கேரள மாநிலத்திலுள்ள திருவனந்தபுரத்தில்

Subscription

Kasunii

This will close in 20 seconds