Art

2022 ආපු පට්ටම ටීවී සිරිස් 05

2022 අවුරුද්ද සිනමාව ට , ටීවී සීරිස් වලට ආදරය කරන අයට නම් අමතක නොවෙන ම අවුරුද්දක්. ලෝකේ වටෙන්ම සිනමාකරුවන්ගේ පට්ට වැඩ ටිකක් බලාගන්න අවස්ථාව හම්බුණා. අද අපි කතා කරන්න යන්නේ 2022 අවුරුද්දෙ ආපු ලෝකේ හොල්ලපු ටීවී සීරිස් 5ක් ගැන. ඔයත් මම දැන් කියන්න යන සීරිස් 5ම බලල තියනවා නම්, ඔයාව ටීවී සීරිස් පිස්සෙක් කියලා හදුන්වගන්න බයවෙන්න එපා.

  • House of the Dragon

 

Game of Thrones කතා මාලාව බලලා නැති කෙනෙක් මේ ලිපිය කියවනවා වෙන්න බෑ, බලල නැත්තම් වැඩ ඔක්කොම පැත්තකින් තියල ගිහින් අනිවාර්යයෙන් බලන්න.

 

ලෝකේ අතිශය ජනප්‍රිය වෙච්ච Game of Thrones කතා මාලාව තව දෙයකට ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙනවා, ඒ මෙලෝම රහක් නැති අවසානයක් දුන්න කතා මාලාව විදියට , ඒ 2019 දී. 

 

කොහොමහරි Game of Thrones කතා මාලාවට කලින් ශතවර්ෂ කිහිපයකට කලින් වුන දේවල් ටික රැගත් House of the Dragon කතා මාලාව එද්දී ගොඩක් ටීවී සීරිස් පිස්සන් අතරේ තිබ්බේ එච්චර හොද බලාපොරොත්තුවක් නෙමෙයි.

 

හැබැයි 2022 අවුරුද්දේ දී House of the Dragon රිලීස් වෙන්නේ ප්‍රේක්ෂකයින් අඬවමින්, විවේචකයින් කොර කරමින්. House of the Dragon කතාව කෙටියෙන් කිව්වොත් , King Viserysගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ කව්ද කියන ලොකු යුද්ධයක් බවට පත් වෙනවා කියලා අපි අහලා තියනවා, එය මකරුන් පිරුණ , නගර සීමා අළු කරන් යන කෲර යුද්ධයක්, ඒ යුද්ධය සදහා වෙන බල අරගලය තමයි House of the Dragon Season 1 කතා මාලාවෙන් අපිට දැකගන්න හම්බ වෙන්නේ.

  • Severance

 

Apple TV ලා රිලීස් කරපු Severance කියන්නේ ඔලුව කරකැවිල යන සීරිස් එකක්. අහලා ඇතිනේ “work life balance” ගැන. ඒ කියන්නේ තමන්ගේ රැකියාවේ රාජකාරියි , පුද්ගලික දේවලුයි දෙකම බැලන්ස් එකේ කරගෙන යන්නේ කොහොම ද කියලා. Severance එකේ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවා. අනාගතයේ දී ආයතන වලට පුළුවන් වෙන්ව ඔයාගේ මොලේ කොටස් දෙකකට වෙන් කරන්න. එක පැත්තක් ඔෆිස් එකේ කරන්න ඕන වැඩ ටික මතක තියාගන්නව  අනිත් එක ගෙදර සාමාන්‍ය ජීවිතය මතක තියාගන්නව. ආයතනය ඇතුලට එනකොටම ගෙදර මතකය නැති වෙලා යනවා. මේක තමයි සීරිස් එකේ ප්‍රධාන කතාව. Retro futurist කියන ශානරයට අයිති මේ සීරිස් අනිවාර්යෙන්ම බලන්න ඕන එකක්.

  • The White Lotus Season 2

2021 අව්රුද්දෙ ආපු white lotus කතා මාලාවේ දෙවෙනි අදියර විදියට season 2 මේ අවුරුද්දේ රිලීස් උනේ. කලින් සීරිස් එක ලෝකේ වටේම ජනප්‍රිය උන නිසා season 2 එකටත් විශාල ප්‍රතිචාරයක් එන්න ගත්තා. The White Lotus කියන්නේ සරලවම සල්ලි කදු ගහන්න තියන පවුල් කිහිපයක් “සිසිලියේ” නිවාඩු නිකේතනයකට ගිහිල්ල සිදු වෙන අමුතු භයානක ඒ වගේම ශෘංගාරාත්මක සිදුවීම් දාමයක එකතුවක්. සල්ලිකාරයන් සහ ඒ සමාජය ගැන විවේචනයක් ද සමග මිනිමරුමක සුලුමුල හොයන්නත් අපිට The White Lotus වලදී අවස්ථාව හම්බවෙනවා.

  • The Bear 

 

2022 අවුරුද්දේ රිලීස් උන අතිශය ප්‍රවේගකාරී සීරිස් එක The Bear කිව්වොත් වැරදි නැහැ. අපි කතාව පැත්තට හැරෙමු, Carmy කියන්නේ නිව් යෝර්ක් නගරෙයේ දක්ෂ සූපවේදියෙක් හැබැයි ඔහුට ඔහුගේ රැකියාව අතැරලා දාල චිකාගෝ නුවරට යන්න වෙනවා. ඔහුගේ සොහොයුරා පවුලට අයිති රෙස්ටුරන්ට් එක Carmy ගේ නමට ලියලා , ඔහු සියදිවි නසාගන්න කලින්. ජීවිතය නැතිකරගත්ත සොහොයුරා ඉතුරු කරපු කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියන රෙස්ටුරන්ට් එක ගොඩ ගන්න එක තමයි Carmyගේ අභියෝගය. ඉතා ආවේගකාරි දෙබස් , ක්ෂණික රූපරාමු , ඇති දක්ෂ රංගනයෙන් හැඩවුණු The Bear කියන්නේ නම් 2022 අවුරුද්දෙ අපිට හම්බුණ masterpiece එකක්.

  • Wednesday

 

2022 අවුරුද්ද අවසන් වෙන්නේ තවත් එක සුපිරි ටීවී සීරිස් එකක ආගමනයත් එක්ක. ඇඩම් ෆැමිලි නමින් ජනප්‍රිය උන කතා මාලාවේ එන Wednesday කියන චරිතය වටා ගෙතුණු කතාවක් තමයි Wednesday කියන්නේ.

 

රිලීස් වෙලා ඉතා සුළු කාලයකින් නෙට්ෆ්ලික්ස් එකේ උඩටම එන්න Wednesday සමත් වෙනවා. ඒ Wednesday චරිතය ඉතා සුවිශේෂී එකක් වන නිසයි. අන්ධකාරයට බය නැති එයට ආදරය කරන, පාට ඇදුම් නැතිව කළු පමණක් ඇදුම් විදියට අදින Wednesday කියන්නේ තමන්ගේ අරමුණට යන්න ඕනෑම කෙනෙක් කැප කරන කෙනෙක්. හැබැයි ඇය තාම අවරුදු 20ක තරුණියක්. Wednesday චරිතයට පන පොවන Jenna Ortega ගේ රංගන ප්‍රතිභාව Wednesday චරිතය ලොව පුරා ප්‍රේක්ෂයකින් TV තිරයට ඇද බැඳ තබාගන්න සමත් වෙනවා.

 

අනෙක් සුවිශේසී කාරණය තමයි මෙහි අධ්‍යක්ෂණය Tim Burton නමැති හොලිවුඩයේ කරක් ගැසූ නිර්මාණකරුවට හිමි වීම. Wednesday නෙවර්මෝර් ඇකඩමි නම් පාසලට ඇතුලත් වී එහි සිදුවන සිද්ධ් දාමයකින් කතාව දිව යනවා.

 

එහෙනම් 2023 අවුරුද්දෙ රිලීස් වෙන්න තියන සීරිස් ටිකක ලිස්ට් එකක් අරගෙන අපි ලගදීම එනවා. එතකන් මේ සීරිස් ටික බලලා තියන්න. දැනටමත් ඔක්කොම බලපු කෙනෙක් නම්, ටීවී සීරිස් පිස්සන් වෙන ඔබේ අදහස අපිට කියලා යන්න.

Avatar

Author

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

Art

Best Streaming Services 2023

It’s time to relax after a full day of work. you sit down in front of your TV wondering which
Art

உயர்வுகளின் வித்தகன் – நம்பிக்கையின் புத்திரனின் கதை

வார்த்தைகளும் வசனங்களும் பக்கம் பக்கமாக பேசிடாமல் ஆனாலும் தன் உடல்மொழியால், அசைவுகளால் உணர்வுகளை அச்சொட்டாகப் பிரதிபளித்து மற்றொருவரை தன்னோடு கட்டிப்போட்டு பயணிக்க வைக்க முடியும் என்ற ஒன்றை

Subscription

Kasunii

This will close in 20 seconds